
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනාව විවාදයට ගැනීම සඳහා ලබන මස 1 වැනිදා සෙනසුරාදා හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
ඒ පිළිබඳ අවසාන තීරණය ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට පෙරවරු 11.00 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම විවාදයෙන් අනතුරුව එදින පස්වරුවේ ඒ පිළිබඳව ඡන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇති.
හදිසි පාර්ලිමේන්තු රැස්වීම හේතුවෙන් මේ සතියේ කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලය සියලු මැති ඇමැතිවරුන්ට දැනටමත් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගියදා කියා සිටියා.
එසේම විදේශ සංචාරවල නොයෙදෙන ලෙසටද ඔවුන්ට දන්වා තිබුණා.
මේ අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිතයි.
මේ අතර, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ රැස්වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.