/
/
title icon
ජනපති යළි දිවයිනට – කැබිනෙට්ටුවේදී ණය ගැන ඇමති මණ්ඩලය දැනුවත් කිරීමත් අද
ජනපති යළි දිවයිනට – කැබිනෙට්ටුවේදී ණය ගැන ඇමති මණ්ඩලය දැනුවත් කිරීමත් අද
Editor
1 year ago
Share:
ජනපති යළි දිවයිනට – කැබිනෙට්ටුවේදී ණය ගැන ඇමති මණ්ඩලය දැනුවත් කිරීමත් අද

ණය ප‍්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලේ ප‍්‍රගතිය සහ යුරෝපා සංචාරයේ ප‍්‍රතිලාභ පිළිබඳව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් අද අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතයි.

විශේෂයෙන් දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පවතින වත්මන් තත්වය පිළිබදව මෙහිදී ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට කරුණු පැහැදිළි කරනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ.

යුරෝපා සංචාරය නිමවා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අද දිවයිනට පැමිණියා.

ගුවන්තොටුපල වාර්තාකරු කියා සිිටියේ උදෑසන 9.10ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 650 දරණ යානයෙන් ජනාධිපතිවරයා ඇතුලූ දූත පිරිස පැමිණි බවයි.

ජනාධිපතිවරයා එංගලන්තයේ සහ ප‍්‍රංශයේ නිල සංචාරයක නිරතවූ අතර, එහිදී ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස්, ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් සහ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසුලේ හමුවී සාකච්ඡාවල නිරත වුණා.

එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඩ් සහ ෆ‍්‍රැන්කෝ ෆෝන් සංවිධානයේ මහලේකම්වරිය සමග ද ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වූවා.

එමෙන්ම ජනාධිපතිවරයා නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවටද එක්වුණා.

මේ අතර මීළඟ පොලිස්පති ධුරය සම්බන්යෙන් ජනාධිපතිවරයාගේ තීරණය අද දිනය තුළ ලැබෙනු ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව වෙත සුදුසු නමක් මේ වනතුරුත් යෝජනාවී නැතැයිද කථානායකවරයා කියා සිටියා.

වත්මන් පොලිස්පති චන්දන වික‍්‍රමරත්නගේ සේවා දිගුව අදින් අවසන් වනවා. ඒ අනුව ඔහුට තවත් සේවා දිගුවක් ලබාදීම හෝ නව පොලිස්පතිවරයෙකු පත් කිරීම ජනාධිපතිවරයා සිදුකළ යුතුයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required