
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් හෙට පැවැත්වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය පස්වරු 05 ට ආරම්භ වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයාගේ යුරෝපා සංචාරයෙන් පසුව ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම රැස්වන්නේ පළමු වරටයි. එහිදී විශේෂයෙන් මෙම සති අන්තයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකිරීමේ යෝජනාව සාකච්ඡාවට ලක්වනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන ඕනෑම මැතිවරණයකට සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම් චන්ද්‍රසේන සඳහන් කළා. අද බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ දිස්ත‍්‍රික්, ආසන බල මණ්ඩල මෙන්ම ශාඛා සමිති ශක්තිමත් කිරීම මේ වන විට සිදුකරන බවයි.