
එක්දින ක‍්‍රිකට් ලෝක කුසලානය අද සිට රටවල් 18 ක ප‍්‍රදර්ශනය කිරීම ආරම්භ වනවා. ලබන අගොස්තු මස 05 සහ 06 දෙදින ලෝක කුසලානය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රදර්ශනය කරනු ඇති.
මෙවර එක්දින ක‍්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ඔක්තෝබර් 05 වනදා සිට නොවැම්බර් 19 දක්වා ඉන්දියාවේදි පැවැත්වෙනවා.
මේ අතර, සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය මේ වනවිට බුලවායෝ හිදී පැවැත්වෙනවා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 245 ක් පමණයි.