
ගුරු හිඟය හේතුවෙන් සිසුන් 100 ට වඩා අඩු පාසල් වැසීයාමේ තර්ජනයකට ලක්ව ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.
එහි ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිිටියේ එවැනි පාසල් 2000 කට වැඩි සංඛ්‍යාවක් පවතින බවයි.
මේ අතර, පොළොන්නරුව මහසෙන් විදුහලේ දෙමාපියන් සහ සිසුන් ගිරිතලේ – බකමූණ ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් ඊයේ විරෝධතාවක නිරත වූයේ ද මහසෙන් ප‍්‍රාථමික විද්‍යාලයේ ගුරු හිඟයට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.
එමෙන්ම, රක්වාන – දෙමුවාත මහ විද්‍යාලයේ ද ගුරු හි`ගය හේතුවෙන් සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බව එම විදුහලේ දෙමාපියන් සහ ගුරුවරුන් පෙන්වා දෙනවා.
ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් අද පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ ගුරු හිගය සදහා අධ්‍යාපන අමාත්‍යාංශය නිසි විසදුම් ලබාදීමට කටයුතු නොකිරීම මෙම තත්ත්වයට හේතුව බවයි.
මේ අතර, අධ්‍යාපන අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත සහ එක්සත් ජනපදයේ නියෝජිතායතනයේ ප‍්‍රධාන ක‍්‍රියාකාරි නිලධාරින් මෙන්ම නියෝජ්‍ය පරිපාලක අංජලී කෞර් වොෂින්ටනයේදී හමුව තිබෙනවා.
එහිදී මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සංවර්ධනය හා සහයෝගික අවශ්‍යතාවයන් පිළිබඳ සාකච්ඡා සිදුකළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදය කළේ.
අධ්‍යාපන අමාත්‍යවරයා මෙම සාච්ඡුාවට සහභාගි වී ඇත්තේ කැනඩාවේ – වැන්කුවර් නගරයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සංසදයේ පාලක මණ්ල රැස්වීම් වලට සහභාගි වීමට යන අතරතුරදීයි.