/
/
title icon
නංගීගේ සාරි තොටිල්ලේ ගෙළ සිරවී 9 හැවිරිදි දරුවෙකු මරුට
නංගීගේ සාරි තොටිල්ලේ ගෙළ සිරවී 9 හැවිරිදි දරුවෙකු මරුට
Editor
1 year ago
Share:
නංගීගේ සාරි තොටිල්ලේ ගෙළ සිරවී 9 හැවිරිදි දරුවෙකු මරුට

නාවලපිටිය – මොන්ට්‍රිස්කෝ වත්ත ප‍්‍රදේශයේ නිවසක සාරියකින් බැඳ තිබූ තොටිල්ලක ගෙළ සිරවීමෙන් 09 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය ප‍්‍රකාශ කළේ ඊයේ දහවල් කාලයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

එම දරුවාගේ තුන් හැවිරිදි නැගණිය නිදිකරවීම සඳහා ගැට ගසා තිබූ මෙම තොටිල්ලේ එල්ලී සෙල්ලම් කරමින් සිටියදීයි මෙම දරුවා අනතුරට ලක්ව ඇත්තේ.

දරුවාගේ මව ගෘහ සේවය සඳහා විදෙස් ගතව සිටින අතර සිද්ධිය වන අවස්ථාවේ නිවසේ කිසිවෙක් සිට නැහැ.

අසල්වාසියෙකු විසින් දරුවා තොටිල්ලේ ගෙල සිරවී සිටිනු දැක ප‍්‍රදේශවාසීන් සමග එක්ව තොටිල්ලෙන් ඉවත් කර තිබෙනවා.

ඒ වනවිටත් මෙම දරුවා මියගොස් සිටි බව පොලීසිය සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required