
ලබන මස පළමුවනදා පාර්ලිමේන්තුව රැස්කරන බවට සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලිපියකින් දැනුම් දුන් බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර පවසනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ උපදෙස් මත එම දැනුම්දීම සිදුකළ බවයි ඇය සඳහන් කළේ.
විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන දැනුම් දුන්නේ අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත ජුලි පළමු වැනිදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන බවයි.
එදිනට දේශීය ණය ප‍්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.