/
/
title icon
දකුණු කොරියානුවන් අද සිට තරුණ වෙයි
දකුණු කොරියානුවන් අද සිට තරුණ වෙයි
Editor
1 year ago
Share:
දකුණු කොරියානුවන් අද සිට තරුණ වෙයි

දකුණු කොරියානුවන්ගේ වයස අද සිට වසරකින් හෝ වසර දෙකකින් අඩු වනවා.

ඊට හේතු වී ඇත්තේ මෙතෙක් ඔවුන් අතර පැවති සාම්ප‍්‍රදයික වයස ගණනය කිරීමේ ක‍්‍රමය අතහැර ඔවුන් ජාත්‍යන්තරය පිලිගත් ක‍්‍රමවේදයට අනුව වයස ගණනය කිරීම හේතුවෙන්.

එනම් මෙලොව උපත ලද දිනයේ සිට වයස ගණනය කිරීමේ ක‍්‍රමවේදයයි.

දකුණු කොරියානු සම්ප‍්‍රදායට අනුව ඔවුන් මෙතෙක් වයස ගණනය කරනු ලබන්නේ මව් කුස පිළිසිඳගත් දින සිට හෝ ජනවාරි පළවනදා සිටයි.

එම ක‍්‍රමය හරහා ජාත්‍යන්තර කටයුතු වලදී ගැටලූ රැසකට මුහුණදීම හේතුවෙනුයි ඔවුන් මෙම නව ක‍්‍රමයට අවතීර්ණ වී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required