
දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වුණා. ඒ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන්. ඊට මහබැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
හෙටත් කාරක සභාව රැස්වන අතර ඉන් අනතුරුව දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණය ප‍්‍රකාශයට පත්කරනු ඇති.
මේ අතර දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණය හරහා මෙරට බැංකු පද්ධතියට හෝ සේවක අර්ථසාධක අරමුදලට හානියක් නොවන බවයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප‍්‍රකාශ කළේ.
අද පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මිලියන 5 ක් වන තැන්පත්කරුවන් ආරක්ෂා කරන බවට සහතික වන බවයි.
ශ‍්‍රී ලංකා මහබැංකුව නිකුත් කර ඇති බැදුම්කර සහ සේවක අර්ථ සාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල්, ඇතුළු අරමුදල් මිලදී ගෙන ඇති බැදුම්කර ප‍්‍රතිව්‍යූහගතකරණයට ලක් කරන බව ද ඔහු කියා සිටියා.
මේ යටතේ මෙතෙක් නිකුත් කර ඇති සියලූම බැඳුම්කර නව පොලී අනුපාතයන් යටතේ යළි නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව මහබැංකු අධිපතිවරයා සඳහන් කළා.