
ලබන මස 06 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි පතක මිල රුපියල් 20 කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව මෙතෙක් රුපියල් 20 ක්ව පැවති ලොතරැයි පතක මිල රුපියල් 40ක් දක්වා ඉහළ යනු ඇති. මෙලෙස ලොතරැයි පත්වල සංශෝධනය වන්නේ වසර 15 කට පසුවයි.
එසේම අලෙවිකරුවන්ට ලබාදෙන කොමිස් මුදල දෙගුණ කර ඇති අතර ජයග‍්‍රාහිකයින්ට ලබාදෙන ත්‍යාග මුදලද වැඩි කර තිබෙනවා.