
දේශිය ණය ප‍්‍රතිව්‍යුහගතකරණ යෝජනා සඳහා රාජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, එහි සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ දී එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.
එහිදී යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදු කර ඇති අතර ඊට විරුද්ධව ඡන්ද 5ක් ලැබී තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, නාලක ගොඩහේවා, චන්දිම වීරක්කොඩි, විජිත හේරත් සහ හර්ෂන රාජකරුණා එලෙස විරුද්ධව ඡන්දය භාවිත කර තිබෙනවා.
මුස්ලිම් කොංගස් නායක රවුෆ් හකීම් ඡන්දය දීමෙන් වැළකී සිටියා. පාඨලී චම්පික මන්ත්‍රීවරයා කාරක සභාවේ කටයුතු අතරතුර ඉන් පිටව ගොස් තිබෙනවා. එසේම කාවින්ද ජයවර්ධන සහ මයන්ත දිසානායක යන මන්ත්‍රීවරුන් රාජ්‍ය මුදල් කාරක සභාව සඳහා පැමිණ තිබුණේ නැහැ.
දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විවාදය හෙට පෙරවරු 9යි 30 සිට රාත්‍රි 7යි 30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළා. ඒ, කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද එම කාරක සභාව ද රැස්වූ අවස්ථාවේ දීයි. මෙහි දී ණය ප‍්‍රතිව්‍යුහගතකරණ යෝජනාව පිළිබඳ ඡුන්ද විමසීම හෙට රාත්‍රි 7යි 30ට පැවැත්වීමට ද එකඟතාවයකට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් අනිද්දා දිනයේ පාර්ලිමේන්තුව රැස් නොවීමට පක්ෂ නායකයන් මෙහි දී තීරණය කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කළේ.