
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6 අතර ශ‍්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද බුලවායෝ හීදී පැවැත්වෙනවා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම සමඟයි.
එමෙන්ම, ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක‍්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට ඩිල්ෂාන් මධුසංක සංචිතයට කැඳවා තිබෙනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කළේ ඒ අනුව දුෂ්මන්ත චමීර සිම්බාබ්වේ සිට යළි දිවයිනට පැමිණෙන බවයි.
මේ අතර,ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි කණ්ඩායම් වටයේ ඊයේ පැවති පළමු තරගය ලකුණු 14 කින් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා. මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළදී කඩුලූ හතක් දැවී ලකුණු 332 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ඕමාන කණ්ඩායමට පන්දු වාර 50 තුළදී කඩුලූ 9 ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 318 ක් පමණයි.