
බස්නාහිර සහ දකුණු පළාතේ පාතාල කි‍්‍රයාකාරම් මර්ධනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය හදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. එහි මාධ්‍ය ඒකකය සඳහන් කළේ, මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 600ක් කැඳවා ඇති බවයි.
ඒ අනුව ක්ෂණික මාර්ග බාධක, හදිසි වැටලීම්, රථවාහන පරික්ෂාව, පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම මෙම මෙහෙයුමේ දී සිදු කිරීමට නියමිතයි.
පසුගියදා දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වූ වෙඩි තැබීම් සහ පාතාල කි‍්‍රයාකාරකම් හේතුවෙන් මෙම කි‍්‍රයාමාර්ග ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.