/
/
title icon
ශ‍්‍රී ලංකාවට ගිණිකොණින් දෙසින් ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්
ශ‍්‍රී ලංකාවට ගිණිකොණින් දෙසින් ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්
Editor
1 year ago
Share:
ශ‍්‍රී ලංකාවට ගිණිකොණින් දෙසින් ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්

ශ‍්‍රී ලංකාවට ගිණිකොණින් දෙසින් ඉන්දීය සාගරයේ රිච්ටර් මාපකයේ ඒකක 5 යි දශම 8ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ කොළඹ සිට කිලෝමීටර් 1260 ක් දුරින් ඉන්දියන් සාගරයේ කිලෝමීටර් 10 ක් පොලොව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය හට ගෙන ඇති බවයි.

මෙරට වේලාවෙන් 12.59 ට එය සිදුව තිබුණා. කෙසේ වෙතත්, ඉන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කළා.

මෙම භූ කම්පනය මෙරට භූ කම්පන මාන සියල්ලෙහි සටහන්ව තිබූ අතර, කොළඹ, කළුතර, ගාල්ල, අකුරැස්ස ආදී ප‍්‍රදේශ කිහිපයකට එය දැනුණු බවයි ජනතාව පවසන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required