
සියලුම වර්ගයේ සුරාබදු අනුපාත අද සිට ඉහළ දමා තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ නියෝගයෙන් මෙම බදු සංශෝධනය සිදුකර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම බදු සංශෝධනයත් සමග සියලුම වර්ගයේ මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින් පමණ ඉහල දැමීමට අපේක්ෂා කරන බව මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහන් කළා.
එසේම, බියර් මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇති.
මේ අතර, අද සිට ක‍්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ද ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව රුපියල් 5, 15, 20 සහ 25 ක් ලෙස කාණ්ඩ හතරක් යටතේ මිල ඉහළ නැංවීමටයි දුම්කොළ සමාගම පියවර ගෙන ඇත්තේ.