
අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගෙන තිබෙනවා.
නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 328 ක්.
ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20 කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 365 ක්.
එසේම, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 346 ක් ලෙසයි.
රුපියල් 02 කින් පහළ දමා ඇති ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 308 ක්.
භූමිතෙල් ලීටරයක් රුපියල් 09 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236 ක් වනවා.