/
/
title icon
චීන පොහොර නැවට ගෙවූ මුදල් යළි ලබාගැනීමට විකල්ප 3 ක්
චීන පොහොර නැවට ගෙවූ මුදල් යළි ලබාගැනීමට විකල්ප 3 ක්
Editor
1 year ago
Share:
චීන පොහොර නැවට ගෙවූ මුදල් යළි ලබාගැනීමට විකල්ප 3 ක්

චීනයෙන් මෙරටට ගෙන්වා පසුව යළි හරවා යැවුණු කාබනික පොහොර නෞකාවට ගෙවූ ඩොලර් මිලියන 6.9 ක මුදල හිලව් කිරීම සඳහා විකල්ප 3 ක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

චීන තානාපති කාර්යාලය ඔස්සේ එරට රජය සමඟ අඛන්ඩව මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි විදේශ අමත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ.

ඒ අනුව ඉන් හොඳම විකල්පය භාවිත කර ශ‍්‍රී ලංකා රජයෙන් වැයවූ මුදල පියවා ගැනීමට කටයුතු කිරීමටයි නියමිතව ඇත්තේ.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි සඳහන් කළේ දෙරට අතර මිත‍්‍රත්වයට හානියක් නොවන ලෙස රාජතාන්ත‍්‍රිකව මෙම සාකච්ඡා පවත්වන බවයි.

චීනයේ චින්ඩා ඕ සීවින් බයෝටෙක් සමාගමෙන් ආනයනය කර හිපෝ ස්ප‍්‍රීට් නෞකාවෙන් මෙරටට ගෙන්වූ චීන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000 ක් මීට මාස කිහිපයකට පෙර ආපසු හරවා යැවුණා.

ඒ මෙරට ජාතික ශාක නිරෝධායන ආයතනය මගින් ඒවා ප‍්‍රමිතියෙන් තොර බව නිවේදනය කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් ප‍්‍රතික්ෂේපිත අදාළ පොහොර නෞකාව වෙනුවෙන් ඩොලර් මිලියන 6 යි දශම 9 ක් හෙවත් රුපියල් ලක්ෂ 14,000 කට ආසන්න මුදලක් ගෙවීමට ද මෙරට රජයට සිදුවුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required