
අඩුකළ විදුලි ගාස්තුව ප‍්‍රමාණවත් නොවන බව විදුලි සංගම් චෝදනා කරනවා. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසන්නේ විදුලි ගාස්තුව 25% කින් පමණ අඩුකළ යුතු බවයි.
ඊයේ දිනයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි 14.2% කින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර දුන්නා.
නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ඒකක 0 ත් 30 ත් අතර මාසික පරිභෝජනයක් ඇති ගෘහස්ථ කාණ්ඩයට 65% කින් ගාස්තු අඩු වූ අතර ඒකකයක ගාස්තුවද රුපියල් 30 සිට රැපියල් 10 දක්වා අඩු කර තිබෙනවා.
ගෘහස්ත ඒකක 31 සිට 60 දක්වා විදුලි පරිභෝජනය කරන්නන්ට රුපියල් 42 ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 32 දක්වා රුපියල් 10 කින් අඩු කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.
ගෘහස්ත ඒකක 61 සිට 120 දක්වා විදුලිය පරිභෝජනය කරන්නන්ට රුපියල් 42 ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 35 දක්වා රැපියල් 7 කින් අඩු කරනු ලැබුවා.
මේ අතර, කර්මාන්ත අංශය සඳහා 9% ක විදුලි ගාස්තු අඩුකිරිමක් සිදුකර ඇති අතර, එයද ප‍්‍රමාණවත් නොවන බවයි සමස්ත ලංකා කුඩාකර්මාන්ත කරුවන්ගේ සංගමය පවසන්නේ.