
මේ වසරේ ගතවූ මාස 06 තුළ ඩෙංගු මරණ 31 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම කාලසීමාව තුළ වාර්තාවූ රෝගීන් සංඛ්‍යාව 49,821 ක්.
පසුගිය ජූනි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 9,916 වාර්තා වී ඇති අතර එය මෙම වසරේ මේ දක්වා වාර්තා වූ ඉහළම රෝගීන් සංඛ්‍යාව බවයි එම ඒකකය වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, පසුගිය සති කිහිපයේදී ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය ඉන්දික වීරසිංහ සඳහන් කළා.
ඩෙංගු ව්‍යාප්තියේ අවදානම තවදුරටත් පවතින බවයි ඔහු කියා සිටියේ.
මේ අතර ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන ඖෂධයක් හේතුවෙන් ඇස් අන්ධ වූ පුද්ගලයින්ට වන්දි මුදලක් ලබාදීමට උපදෙස් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප‍්‍රකාශ කළා.
මෙලෙස ඇස්වලට යොදන ඖෂධයක් හේතුවෙන් අන්ධභාවට පත්වූ පුද්ගලියන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් පසුගියදා අනාවරණ වූ අතර, ඒ අනුව එම ඖෂධය ගෙන්වූ ඉන්දීය ඖෂධ සමාගම ආසාදු ලේඛණ ගතකිරීමට කටයුතු කරන බවයි ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.