/
/
title icon
තායිලන්තයට ගිය “මුතු රාජා”ට ප‍්‍රතිකාර අරඹයි
තායිලන්තයට ගිය “මුතු රාජා”ට ප‍්‍රතිකාර අරඹයි
Editor
1 year ago
Share:
තායිලන්තයට ගිය “මුතු රාජා”ට ප‍්‍රතිකාර අරඹයි

සිය මව් බිම වූ තායිලන්තයට ගිය මුතු රාජා හස්තියාට මේ වනවිට ප‍්‍රතිකාර ලබාදීම ආරම්භ කර තිබෙනවා.

දින 30 ක නිරෝධායනය සඳහා යොමුකර සිටින මුතු රාජා හස්තියාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂාවන් සිදුකිරීමට අවශ්‍ය රුධිර සාම්පල ලබාගැනීම සිදු කෙරෙන බවයි එරට වාර්තා සඳහන් කළේ.

එමෙන්ම මුතු රාජාගේ පසුපස පාදයේ තුවාලයට ප‍්‍රතිකාර කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවද සඳහන්.

තායිලන්ත රජයෙන් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලද මුතු රාජා හස්තියා වසර 22 ක කාලයක් මෙරට රැඳී සිටි අතර, ඊයේ එම හස්තියා යළි සිය උපන් බිම වූ තායිලන්තයේ බැංකොක් නුවරට ළඟාවුණා.

මුතුරාජා පිළිගැනීමට තායිලන්තයේදී විශේෂ උත්සවයක්ද සංවිධාන කර තිබූ අතර, අනතුරුව ගුවන් තොටුපලේ සිට කිලෝමීටර 70 ක පමණ දුරින් පිහිටි ලැම්පැන්ග් අලි සංරක්ෂණ මධ්‍යස්ථානය වෙත මුතු රාජා රැගෙන ගියා.

එම අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ මුතු රාජා රැඳී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප සහ දර්ශන අන්තර්ජාලයට එක්කර ඇති අයුරුද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර, මුතුරාජා හස්තියා ප‍්‍රතිකාරවලින් අනතුරුව යළි ශ‍්‍රී ලංකාවට ගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව තායිලන්ත ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇති බව සඳහන්.

ඒ, විදෙස් මාධ්‍ය මුතු රාජා හස්තියා සම්බන්ධයෙන් සිදුකළ විමසීම්වලදියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required