
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ජනතාවට නැරඹීමට විවෘත කළ පෙරේදා දිනයේ ලක්ෂ දෙකක පිරිසක් පැමිණ ඇති බව එහි උපකුලපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ ප‍්‍රකාශ කළා.
ජනතාවට මෙම අවස්ථාව හිමිවූයේ ජූලි 1 වනදා යෙදී තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 80 වන සංවත්සරයට සමගාමීවයි.
එහිදී පීඨ 9 ම නැරඹීමට අවස්ථාව හිමිවූ අතර, ඒ තුළ අධ්‍යාපනික ප‍්‍රදර්ශන කුටි නිර්මාණය කර තිබුණා.
එමෙන්ම සමාජ මාධ්‍ය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැරඹීමට ගිය ජනතාව එහි ස්වභාව සෞන්දර්යට සහ විශ්වවිද්‍යාල දේපළවලට හානි වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් වාර්තා පළවූ අතර, ඒ සම්බන්ධයෙන් එහි උපකුලපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ අදහස් පළ කරමින් කියා සිටියේ එම වාර්තා අසත්‍ය බවයි.
එලෙස විශ්වවිද්‍යාලයේ ස්වභාව සෞන්දර්යට සහ විශ්වවිද්‍යාල දේපළවලට අලාභහානි වී ඇති බවට ප‍්‍රකාශ කරන ඕනෑම පුද්ගලයෙකුට සරසවිය තුළට පැමිණ එහි සත්‍ය අසත්‍යතාවය විමසා බැලීමට අවස්ථාව ලබාදෙන බවද උපකුලපතිවරයා කියා සිටියා.