
කිලෝග‍්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් තුන්දහසේ සීමාවෙන් පහළට ගෙන ඒමට අපේක්ෂා කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.
ඒ අනුව ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මෙලෙස රුපියල් තුන්දහසට වඩා අඩු අගයක් ලෙස සටහන් වන්නේ වසර කිහිපයකට පසුවයි.
අඩු කෙරෙන මිල ගණන් හෙට දිනයේ නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළා.
පසුගිය මස පස්වනදා ලිට්රෝ සමාගම විසින් කිලෝග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළ අතර, ඒ අනුව මේ වනවිට එය අලෙවි වන්නේ රුපියල් 3,186 ක මිලකටයි.
එමෙන්ම, කිලෝග‍්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181 කින් අඩුවූ අතර එය රුපියල් 1,281 මිලකට මේ වනවිට අලෙවි වනවා. එහිදී කිිලෝග‍්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 83 කින් අඩු කෙරුණා.