
අත්‍යාවශ්‍ය ජිවිතාරක්ෂක ඖෂධ සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබෙන බවත්, හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් ජානක ශ‍්‍රී චන්ද්‍රගුප්ත ප‍්‍රකාශ කළා.
කෙසේ වෙතත් වෛද්‍ය සැපයුම් අංශය සතුව පැවතිය යුතු ඖෂධ වර්ග 800 ක් අතරින් වර්ග 190 ක හිඟයක් පවතින බවට සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය ඉරිදා ප‍්‍රකාශ කළා.
මේ අතර, මෙම ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පෙන්වා දෙන්නේ රට තුළ ඖෂධ වර්ග 190 ක හිගයක් මතු වනතුරුම සෞඛ්‍ය අමාත්‍යවරයාට තොරතුරු නොලැබීම පිළිබඳව බරපතල සැකයක් මතුවන බවයි.
රට තුළ මෙවැනි තත්ත්වයක් පවතිද්දී ඖෂධ හිගයට මුවාවී ප‍්‍රමිතියෙන් තොර බාල ඖෂධ මෙරටට ගෙන්වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියා.
එමෙන්ම ඖෂධ මිලදී ගැනීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කළ බව කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ පැමිණිල්ලක් ද සිදුකළා.