/
/
title icon
නිරිත දිග කොටසේ වැසි සහ සුළං වැඩි වේ – හැටන් කලාපයේ පාසල්වලට නිවාඩු
නිරිත දිග කොටසේ වැසි සහ සුළං වැඩි වේ – හැටන් කලාපයේ පාසල්වලට නිවාඩු
Editor
1 year ago
Share:
නිරිත දිග කොටසේ වැසි සහ සුළං වැඩි වේ – හැටන් කලාපයේ පාසල්වලට නිවාඩු

දිවයිනේ නිරිතදිග ප‍්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති විය හැකියි. සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලටත්, උතුර, උතුරු මැද පළාත්වලටත් පුත්තලම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමීටර් 50 දක්වා වන තද සුළං ඇති විය හැකියි.

මේ අතර, හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලූ පාසල්වලට අද දිනයේ නිවාඩු ලබාදී තිබෙනවා.

එම ප‍්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් ප‍්‍රකාශ කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required