
සිනොපෙක් සමාගමට අයත් ඉන්ධන රැගත් පළමු නෞකාව මේ මස අවසානය වනවිට දිවයිනට ළඟාවීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප‍්‍රකාශ කළා.
එම සමාගමේ සන්නාම ප‍්‍රවර්ධනය සඳහා යම්කිසි කාලයක් ගතවන බැවින් ගිවිසුම් ගතවීම්වලට යටත්ව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සන්නාමය යටතේ ඉන්ධන අලෙවි කිරීමට සිනොපෙක් සමාගමෙන් ඉල්ලීමක් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
මේ අතර, පහත දැමුණු ලිට්රෝ ගෑස් මිල ගණන් අද සිට ක්‍රියාත්මකයි.
ඒ අනුව කිලෝග‍්‍රෑම් 12 දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204කින් අඩු කළ අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 2, 982 ක් ලෙසයි.
එමෙන්ම, කිලෝග‍්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83 කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1,198 ක්. කිිලෝග‍්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 37 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 561 ක්.