
කොත්තු, රයිස් මිල අද සිට 10% කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව මෙම මිල අඩු කිරීම සිදුකරන බවයි.
මේ වනවිට කොත්තුවක් රුපියල් 500 ත් 1300 ත් අතර මිලකට අලෙවි වන අතර, රයිස් රුපියල් 350 ත් 1900 ත් අතර මිලකට අලෙවි වනවා.
එමෙන්ම, බත් පැකට්ටුවක් 250 සිට 430 අතර මිලකටයි අලෙවි වන්නේ.
කෙසේ වෙතත්, කිරි තේ සහ තේ කෝප්පයක මිලෙහි වෙනසක් සිදු නොකරන බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ.