
අස්වැසුම සහන වැඩසටහනට අදාළව අභියාචනා හයලක්ෂ 13,172 ක් සහ විරෝධතා 8372 ක් ලැබී තිබෙනවා.
සමාජ සුබසාධක ප‍්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ ලබන 10 වනදා දක්වා අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය ලබාදී ඇති බවයි.
මේ අතර අස්වැසුම සහන වැඩසටහනේ ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු ප‍්‍රතිලාභී ලැයිස්තුව අද දිනයේ නිකුත් කිරීමට මීට පෙර සමාජ සුබසාධක ප‍්‍රතිලාභ මණ්ඩලය සැලසුම් කර තිබුණා.
කෙසේ වෙතත්, අද උදෑසන මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම ලැයිස්තුව එළිදැක්වීම පිළිබඳව අවසන් තීරණය ගන්නා බවයි එම මණ්ඩලය සඳහන් කළේ.