/
/
title icon
සිමෙන්ති මිල 300 කින් බස්සයි – ලාෆ්ස් ගෑස් අඩු කරයි
සිමෙන්ති මිල 300 කින් බස්සයි – ලාෆ්ස් ගෑස් අඩු කරයි
Editor
1 year ago
Share:
සිමෙන්ති මිල 300 කින් බස්සයි – ලාෆ්ස් ගෑස් අඩු කරයි

මෙරට නිෂ්පාදනය කරන කිලෝග‍්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල රුපියල් 300 කින් අඩුකිරීමට නිෂ්පාදකයන් එකඟ වූ බව වෙළඳ අමාත්‍ය නලීන් ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කළා. ඒ අනුව, සිමෙන්ති කොට්ටයක් සඳහා පැවති රුපියල් 2,600 ක උපරිම සිල්ලර මිල රුපියල් දෙදහස් තුන්සිය දක්වා අඩු වනු ඇති.

වෙළඳපළේ අලෙවිකරන සියලූ භාණ්ඩවල මිල ප‍්‍රදර්ශනය දැනටමත් අනිවාර්ය කර ඇති අතර එලෙස මිල ප‍්‍රදර්ශනය නොකරන වෙළදුන්ට එරෙහිව නඩු පවරන ලෙස පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබාදුන් බවයි වෙළඳ අමාත්‍ය නලීන් ප‍්‍රනාන්දු කියා සිටියේ.

මේ අතර ලාෆ් සමාගම කිලෝ ග‍්‍රෑම් 12 යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් අඩුකර තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 3,690 ක්. එමෙන්ම කිලෝග‍්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 120 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,476 ක් බවයි ලාෆ් සමාගම සඳහන් කළේ.

කෙසේ වෙතත් පසුගිය 04 වනදා සිට අඩුකෙරුණු ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයත් සමඟ කිලෝග‍්‍රෑම් 12 යි දශම 05 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2000 සීමාවට පැමිණියේ රුපියල් 2,982 ක මිලක් නියම කරමින්. මේ අතර වැසි සහිත කාලගුණයත් සමඟ උඩරට සහ පහතරට එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required