/
/
title icon
මහ බැංකුවෙන් වාණිජ බැංකුවලට සද්දයක්
මහ බැංකුවෙන් වාණිජ බැංකුවලට සද්දයක්
Editor
1 year ago
Share:
මහ බැංකුවෙන් වාණිජ බැංකුවලට සද්දයක්

උද්ධමනය මෙම මාසයේදී සියයට 07 ක් දක්වා අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකුව පවසනවා. මෙරට විදේශ ප්‍රේෂණ මේ වන විට යහපත් මට්ටමකට පැමිණ ඇති අතර ඒ අනුව ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 2 යි දශම 08 ක් එමගින් ලැබී ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

මහ බැංකුවේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා සිටියේ දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණයත් සමඟ වෙළඳපළ පොලී අනුපාතද අඩුවිය යුතු බවයි.

උකසට තබා ඇති රත‍්‍රං භාණ්ඩවල පොලී අනුපාත අඩුවිය යුතු බව එම මාධ්‍ය හමුවට එක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහබැංකු අධිපති ඉවට් ප‍්‍රනාන්දු සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required