/
/
title icon
ඉන්දීය විදේශ ලේකම් එන සතියේ දිවයිනට
ඉන්දීය විදේශ ලේකම් එන සතියේ දිවයිනට
Editor
1 year ago
Share:
ඉන්දීය විදේශ ලේකම් එන සතියේ දිවයිනට

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහොන් ක්වාත‍්‍රා ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතයි. නිල සංචාරයක් සදහා ඔහු මෙලෙස මෙරටට පැමිණීමට නියමිත බවයි ඉන්දීය වාර්තා සදහන් කළේ.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මේ මස 20 වනදා සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇති පසුබිමකයි ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරටට පැමිණෙන්නේ.

පසුගිය වසරේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව රනිල් වික‍්‍රමසිංහ ඉන්දීය සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වන අතර, ඊට පෙර සූදානමක් ලෙසයි ඉන්දීය විදේශ ලේකම්වරයා ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ.

මේ අතර, ණය හිමියන් සමග කටයුතු වලදී ජපානය සහ පැරිස් සමාජය සමග එක්ව තවදුරටත් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අර්ථවත් භූමිකාවක් ඉටු කරන බව ඉන්දියාව ප‍්‍රකාශ කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම සදහා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මූල්‍ය සහතිකය ලබාදුන් ප‍්‍රථම ණය හිමි රාජ්‍ය ඉන්දියාව බවයි ශ‍්‍රී ලංකාවේ නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් විනෝද් කේ ජේකබ් ප‍්‍රකාශ කරන්නේ.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ දෙරට අතර සමුද්‍රීය ආරක්ෂණ ක්ෂේත‍්‍රය තුල පොදු අභියෝගයන්ට මුහුණදීම සඳහාද අවධානයෙන් කටයුතු කරන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required