/
/
title icon
ගැටලු සහගත නිර්වින්දන ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කෙරේ
ගැටලු සහගත නිර්වින්දන ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කෙරේ
Editor
1 year ago
Share:
ගැටලු සහගත නිර්වින්දන ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කෙරේ

ජාතික අක්ෂි රෝහලේ සැත්කමකින් පසු හෘදය අකර්මන්‍ය වීම හේතුවෙන් මියගිය කාන්තාවට ලබාදුන් නිර්වින්දන ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

අදාළ කාන්තාව මේ මස 4 වනදා පැමිණ අක්ෂි සැත්කමක් සදහා ජාතික අක්ෂි රෝහලට ඇතුළත්ව ඇති අතර ඊට පසුදින සැත්කමට පෙර ප්‍රොපර්ෆෝල් නමැති නිර්වින්දන ඖෂධය ලබාදී තිබෙනවා.

සැත්කමෙන් පසුව යළි සිහිය ලබාගැනීමට නොහැකි වූ අතර එම තත්ත්වය හමුවේ ඇය මියගිය බවටයි වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහට ලක්වුණේ මියගිය කාන්තාවගේ මව සහ ඥාතීන් මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව ප‍්‍රකාශ කිරිමත් සමගයි.

මේ අතර, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සහ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ කරමින් කියා සිටියේ ද ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, ඊට ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් ද එක්ව සිටියා.

එම මාධ්‍ය හමුවට එක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ස`දහන් කළේ හෘදයාබාධයකින් මෙම මරණය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වූ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required