/
/
title icon
මොරටුව සොයිසාපුර නිවාස සංකීර්ණයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
මොරටුව සොයිසාපුර නිවාස සංකීර්ණයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
Editor
1 year ago
Share:
මොරටුව සොයිසාපුර නිවාස සංකීර්ණයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ එම මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 68 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.

මියගිය පුද්ගලයා සොයිසාපුර නිවාස සංකීර්ණයේ බිම් මහලේ පිහිටි තම නිවසේ පදිංචිව සිට ඇත්තේ සිය බාල සහෝදරිය සමගයි.

ඊයේ රාත‍්‍රියේ පුද්ගලයෙකු පැමිණ මොහුට බැණ වැදී පහරදී ඇති බව සඳහන්.

පහරකෑමට ලක්වූ මෙම පුද්ගලයා බිම ඇද වැටී එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඥාති පුද්ගලයෙකු විසින් පහරදීම සිදුකර ඇති බවට අනාවරණ වී ඇති අතර, ඔහු කැලණිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required