/
/
title icon
අස්වැසුම අභියාචනාවලින් ලක්ෂ 6 කට වැඩි ප‍්‍රමාණයක් දැනටත් ප‍්‍රතිලාභ ලැබූවන් – මුදල් අමාත්‍යාංශය
අස්වැසුම අභියාචනාවලින් ලක්ෂ 6 කට වැඩි ප‍්‍රමාණයක් දැනටත් ප‍්‍රතිලාභ ලැබූවන් – මුදල් අමාත්‍යාංශය
Editor
1 year ago
Share:
අස්වැසුම අභියාචනාවලින් ලක්ෂ 6 කට වැඩි ප‍්‍රමාණයක් දැනටත් ප‍්‍රතිලාභ ලැබූවන් – මුදල් අමාත්‍යාංශය

අස්වැසුම සුබසාධන ප‍්‍රතිලාභ සඳහා අභියාචනා ඉදිරිපත් කර ඇති පිරිසෙන් හයලක්ෂ තිස් පන්දහසක්ම දැනට ප‍්‍රතිලාභ ලැබූවන් බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

මහනුවර දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ, වෙනත් කාණ්ඩයකට ඇතුළත් වීමේ අරමුණින් ඔවුන් මෙලෙස අභියාචනා ඉදිරිපත් කර ඇති බවයි.

එසේම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඉල්ලූම්පත් යොමුකළ පිරිසද ඇතුළත්ව නුදුරු දිනකදී අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ මුළු පිරිස ප‍්‍රකාශයට පත් කළ හැකි බවද ඔහු කියා සිටියා.

මේ අතර, සමෘද්ධිලාභීන් ලක්ෂ 9 ක්ම වැඩිහිටියන් බව සමාජ සවිබලගැන්වීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අස්වැසුම ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා මෙවර අයදුම් කිරීමට නොහැකි වූ සහ අභියාචනා ඉදිරිපත් කිරීමට නොහැකි වූවන්ට ලබන මස 1 වනදා එම අවස්ථාව හිමිවන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required