
ගංවතුර පාලනය කිරීම සදහා කොළඹ නගරයේ ඇළ වේළි හා වැව් ප‍්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබන්නේ ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින්.
ඒ අනුව තලවතුගොඩ වැව, දියවන්නා ඔය, නාගහමුල්ල වැව, කිඹුලාවල ඇල, බත්තරමුල්ල – පාලම් තුන අසල ඇළ ඇතුළු තවත් වැව් හා ඇළ මාර්ග කිහිපයක් මෙම ව්‍යාපෘතිය යටතේ ප‍්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි.