/
/
title icon
මහ කන්නයේ සිට පොහොර ගන්න වව්චර් නැහැ
මහ කන්නයේ සිට පොහොර ගන්න වව්චර් නැහැ
Editor
1 year ago
Share:
මහ කන්නයේ සිට පොහොර ගන්න වව්චර් නැහැ

එළඹෙන මහ කන්නයේ දී පොහොර මිලදී ගැනීම සඳහා වව්චර් පත් නිකුත් නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව ගොවීන්ගේ ගිණුම් වලට මුදල් බැර කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

මෙවර යල කන්නයේ දී රසායනික හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා රජය විසින් ගොවීන්ට වව්චර් පතක් බෙදා හරිනු ලැබුවා.

එලෙස බෙදූ වව්චර් පත් වල වටිනාකම රුපියල් බිලියන 11 ක්.

කෙසේ වෙතත්, වව්චර්පත් බෙදා හැරීමේ දී පවතින ප‍්‍රායෝගික ගැටලූ සැළකිල්ලට ගනිමිනුයි මීලඟ කන්නයේ සිට ගොවි ගිණුම්වලට මුදල් බැර කිරීමට තීරණය කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required