/
/
title icon
පිරමීඩ ජාවාරමේ මහ මොළකරුවන්ට රටයෑම තහනම්
පිරමීඩ ජාවාරමේ මහ මොළකරුවන්ට රටයෑම තහනම්
Editor
1 year ago
Share:
පිරමීඩ ජාවාරමේ මහ මොළකරුවන්ට රටයෑම තහනම්

පිරමීඩ ක‍්‍රමයට මුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ හය දෙනකුට විදෙස් ගමන් තහනමක් පැනවීමට කෙළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් නියෝග කළා.

එමෙන්ම එම සමාගමේ බැංකු ගිණුම් 58 අත්හිටුවීමට ද නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් අධිකරණය හමුවේ කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙනයි මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය ඊයේ නිකුත් කරනු ලැබුවේ.

ඒ අනුව එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වන සම්පත් සඳරුවන්, අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, මධුරංග ප‍්‍රසන්න, සාරංග රන්දික හා ධනංජය ගයාන් යන අයගේ විදෙස් ගමන් මෙලෙස තහනම් කර තිබෙනවා.

මෙම සමාගම හරහා ඩොලර් කෝටි දහයකට අධික මුදලක් ගණුුදෙනු වී ඇති බවත් එහි සැකකටයුතු ගිණුම් ද වාර්තා වන බවත් ශ‍්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර තිබුණා.

මේ අතර මෙරට ව්‍යාපාරිකයන් ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බව කියන සිද්ධියේ ප‍්‍රධාන සැකකාරිය වන තිිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණි තිළිණි ප‍්‍රියමාලීට සහ එම මුදල් ලබා ගැනීමට ආධාර අනුබල දුන් බව කියන ක‍්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සොයිසා සිරිවර්ධනට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කර තිබෙනවා.

රාජකාරි කටයුත්තක් සඳහා විදෙස්ගත වීමට අවශ්‍ය බවට සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required