
දිවයින පුරා අද සිට දින 3ක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පවසනවා.
ඔහු කියා සිටියේ නිවාස, පාසල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම ආගමික ස්ථානද මේ යටතේ පරීක්ෂාවට ලක් කරන බවයි.
මෙම වැඩසටහන සඳහා යුද හමුදාව, පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක් වන බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.
මේ වසරේ මේ දක්වා ඩෙංගු මරණ 32 ක් වාර්තා වී ඇති අතර රෝගීන් 51,768 දෙනෙකු හමුවී තිබෙනවා.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර මහනුවර, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල, රත්නපුරය, මඩකලපුව සහ ත‍්‍රීකුණාමලය යන දිස්ත‍්‍රික්ක වලින්ද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වනවා.