/
/
title icon
ජනපති සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලූ  සහතිකය
ජනපති සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලූ  සහතිකය
Editor
1 year ago
Share:
ජනපති සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලූ  සහතිකය

ජනතාවට ඖෂධ ලබාගැනීමේ ප‍්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අවධාරණය කරනවා. සෞඛ්‍ය බලධාරීන් සමඟ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි මගින් දිනපතා සෑම රෝහලක්ම සතු ඖෂධ ප‍්‍රමාණය සහ දිනකට ලබාගත හැකි ඖෂධ ප‍්‍රමාණය පිළිබඳ දත්ත ලබා දිය යුතු බවයි. එමෙන්ම මෙම ජාලගත ක‍්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කරගැනීමට අවස්ථාව හිමිවන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම අමාත්‍ය මණ්ඩලය පත් කරන ලද අනු කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මත පදනම්ව වෛද්‍යවරුන්ගේ විශ‍්‍රාම යන වයස අවුරුදු 63 දක්වා ඉහළ නංවන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ.

මේ අතර කලා විෂය ධාරාව හැදෑරුවන් හෙද පුහුණුව සදහා බදවා ගැනීමට හැකි වන පරිදි රෙගුලාසි සංශෝධනය කළ යුතු බවද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එහිදී ප‍්‍රකාශ කළා. එසේම සෘජුවම ඖෂධ ඇනවුම් කිරීමේ හැකියාව සොයා බලන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required