
අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි සරත් වෙරගොඩ හෙවත් දුනුමාල සරත් නැමැත්තා කෑගල්ල – ගලපිටමඩ – දුනමාල ප‍්‍රදේශයේදී අද වෙඩි තබා ඝාතනය කෙරුණා.
අද දහවල් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
දුනුමාල ප‍්‍රදේශයේ අතුරු මාර්ගයක කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී ඔහු මෙලෙස වෙඩි ප‍්‍රහාරයට ලක්ව තිබෙනවා.
මියගිය පුද්ගලයා ප‍්‍රදේශයේ රබර් වත්තක මුරකරු ලෙසද සේවය කළ 41 හැවිරිදි අයෙක්.