/
/
title icon
පේරාදෙණිය රෝහලේ තරුණියක මියයෑම ගැන සොයන්න පංච පුද්ගල කමිටුවක්
පේරාදෙණිය රෝහලේ තරුණියක මියයෑම ගැන සොයන්න පංච පුද්ගල කමිටුවක්
Editor
1 year ago
Share:
පේරාදෙණිය රෝහලේ තරුණියක මියයෑම ගැන සොයන්න පංච පුද්ගල කමිටුවක්

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී 21 හැවිරිදි තරුණියක් මිය යාමේ සිද්ධිය ගැන විමර්ශනයට විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කළේ අදාළ විශේෂඥ කමිටුව හෙට පළමුවරට රැස්වීමට නියමිත බවයි.

ඒ අනුව ඔවුන් එම රෝහලට ගොස් ඒ පිලිබද විමර්ශන ආරම්භ කිරීමට ද නියමිතයි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ උදරාබාධ රෝග තත්ත්වයකට ප‍්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය 21 හැවිරිදි තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ පොත්තපිටිය පොදු සුසාන භූමියේදියි.

පවුලේ එකම ගැහැණු දරුවා වූ චමෝදි සන්දීපනී නැමති ඇය පසුගිය නව වනදා රෝහල් ගත කෙරුණේ රාත‍්‍රී ආහාරයට ගත් කොත්තුවක් නිසා හටගත් උදරාබාධ තත්ත්වයක් හේතුවෙන්.

එහිදී එන්නතක් ලබා දීමෙන් පසුව ඇති වූ ආසාත්මිකතාවක් නිසා ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි වාර්තා වුණේ.

මේ අතර පානදුර මූලික රෝහලේදී මියගිය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 31 හැවිරිදි සේවකයාට අවශ්‍ය ප‍්‍රතිකාර සදහා හෘද දැඩිසත්කාර ඒකකයක ඇදක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවට සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරනවා.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required