/
/
title icon
ලක් ඉතිහාසයේ පළමු වරට ළමා රෝහලේ හෙට වර්ජනයක්
ලක් ඉතිහාසයේ පළමු වරට ළමා රෝහලේ හෙට වර්ජනයක්
Editor
1 year ago
Share:
ලක් ඉතිහාසයේ පළමු වරට ළමා රෝහලේ හෙට වර්ජනයක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් හෙට පෙරවරු 08 සිට පැය 24 වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. ඒ එම රෝහලේ අට බී වාට්ටුවේ සිටින කාන්තා විශේෂඥ වෛද්‍යවරියකගේ ක‍්‍රියාකලාපයකට විරෝධය දක්වමින්.

ළමා රෝහල් ඉතිහාසයේ ප‍්‍රථම වරට මෙලෙස වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් සිදුකෙරෙන අතර ඒ අනුව හෙට දිනයේදී එම රෝහලේ බාහිර රෝගී අංශයේ කටයුතු බිඳවැටෙනු ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ.

මේ අතර පවතින එන්නත් ගැටලූව මත රිජ්වේ ආර්යා ළමා රෝහලේ කිසිදු ළමා රෝගියෙකු ආසාත්මිකතාවක් හටගෙන නොමැති බව එම රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ප‍්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required