
දිවයින පුරා රජයේ රෝහල්වල ඖෂධ භාවිතා කිරීමෙන් පසු වාර්තා වූ ජීවිත හානි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කළ සත් පුද්ගල විශේෂඥ කමිටුව හෙට දිනයේදීත් රැස්වීමට නියමිතයි. සූම් තාක්ෂණය ඔස්සේ මෙම සත්පුද්ගල කමිටුවේ මූලික සාකච්ඡා අද පැවති අතර එහිදී අදාළ විමර්ශන කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.
හෙට දිනයේදී රැස්වීමෙන් අනතුරුව කමිටුවේ වාර්තාව ලබාදිය හැකි නිශ්චිත දිනය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නියමිත බවයි අප කළ විමසීමකදී ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප‍්‍රතිශක්තිවේද සහ ෙසෙල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර කියා සිටියේ.
කෙසේ වෙතත් ඖෂධ ගැටලූවට වගකිව යුතු සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරින් ඉල්ලා අස්විය යුතු බව පවසමින් සිවිල් සංවිධනා කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී අද සත්‍යග‍්‍රහයක් ආරම්භ කළා.
කෙසේ වෙතත් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව විනාශ කිරීමට යම් පිරිසක් කුමන්ත‍්‍රණයක් කරමින් සිටින බවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග යටතේ යොමුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
කෙසේ වෙතත් මතුව ඇති සෞඛ්‍ය අර්බුද හමුවේ ප‍්‍රතිකාර ලබාගැනීමට රෝහල් වෙත පැමිණීමට බිය නොවන ලෙසයි කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා ඉල්ලා සිටියේ.