/
/
title icon
තිරිඟු පිටි මිල අඩු කළත්, පාන් මිල අඩු කරන්නේ නැහැ – බේකරි හිමියන්
තිරිඟු පිටි මිල අඩු කළත්, පාන් මිල අඩු කරන්නේ නැහැ – බේකරි හිමියන්
Editor
1 year ago
Share:
තිරිඟු පිටි මිල අඩු කළත්, පාන් මිල අඩු කරන්නේ නැහැ – බේකරි හිමියන්

ප‍්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තිරිගු පිටි කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 10කින් අඩුකල ද බේකරි නිෂ්පාදනවල මිල යළි පහත දැමිය නොහැකි බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන පෙන්වා දෙන්නේ රුපියල් 25කින් තිරිගු පිටි කිලෝග‍්‍රෑමයක මිල අඩුකරන බවට තිරිගු පිටි සමාගම් සිය සංගමයට පොරොන්දු වී තිබූ බවයි.

එවැනි පොරොන්දුවක් ලබාදී රුපියල් 10 කින් පමණක් තිරිගු පිටි කිලෝග‍්‍රෑමයක මිල අඩුකිරීම හමුවේ බේකරි නිෂ්පාදන වල මිල පහත දැමිය නොහැකි බවයි සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required