
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලබාදුන් ලිඛිත පොරොන්දුවක් මතයි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අට බී වාට්ටුවේ සිටින කාන්තා විශේෂඥ වෛද්‍යවරියකගේ ක‍්‍රියාකලාපයකට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවේ අද පෙරවරු 8 සිටයි.
වර්ජනය ක්‍රියාත්මක වූ කාලය තුළ වෛද්‍යවරුන් සමඟ කළ සාකච්ජාවකින් පසු රෝහලේ කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුවන බව එහි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය ප‍්‍රකාශ කළා.
මේ අතර, රසායනාගාර සේවා කටයුතු පවත්වා ගැනීමට බාධා වන අයුරින් ඇතැම් නිලධාරින් සිදුකරන අනවශ්‍ය මැදිහත් වීම් ඇතුළු ගැටළු 05 ක් මුල් කරගනිමින් ජාතික රෝහලේ රසායනාගාර විද්‍යාඥ වෘත්තීවේදින් සිදුකළ සංකේත වර්ජනය ද අත්හිටුවා තිබෙනවා.