/
/
title icon
සක්විති රණසිංහ වරද පිළිගනී – සල්ලි ගෙවන හැටිත් කියා එකඟ වෙයි
සක්විති රණසිංහ වරද පිළිගනී – සල්ලි ගෙවන හැටිත් කියා එකඟ වෙයි
Editor
1 year ago
Share:
සක්විති රණසිංහ වරද පිළිගනී – සල්ලි ගෙවන හැටිත් කියා එකඟ වෙයි

මහබැංකුවේ අවසරයකින් තොරව සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට‍්‍රක්ෂන් නමැති මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් දහසය කෝටි හතලිස් එක්ලක්ෂ 85,000ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වරදකරුවන් බව කොළඹ මහාධිකරණය අද ප‍්‍රකාශ කළා.

නීතිපතිවරයා ඉදිරිපත් කර තිබූ සංශෝධිත චෝදනා පත‍්‍රය කියවා දීමේදී තමන් වරද පිළිගන්නා බවයි විත්තිකරුවන් සඳහන් කළේ.

අනතුරුව අදාළ මුදල් මාසිකව රුපියල් ලක්ෂ 50 බැගින් වූ වාරික විස්සකින් ගෙවීමට විත්තිකරුවන් එකඟතාවය පළ කර තිබෙනවා.

ඒ අනුව, එහි පළමු වාරිකය අද දිනයේ ගෙවා දමන බවයි විත්තියේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required