
ඖෂධ භාවිතයෙන් පසු සිදුවන ජීවිත හානි සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා නිදහස ජනතා සභාවේ මන්ත‍්‍රීවරුන් පිරිසක් අද ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය වෙත පැමිණිල්ලක් භාර දුන්නා.
ඉන් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත යාපා බණ්ඩාර කියා සිටියේ මෙරටට රැගෙන එන ඖෂධවල ප‍්‍රමිතිය පරික්ෂාවට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ද එහිදී ඉල්ලා සිටි බවයි.
මේ අතර, සමගි ජන බලවේගය විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට පක්ෂව උත්තර ලංකා සභාගය ඡන්දය භාවිත කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ප‍්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප‍්‍රකාශය හෙළා දකින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක කියා සිටියේ ඖෂධ නිෂ්පාදන සංස්ථාව හා දේශීය නිෂ්පාදකයින් සකසන ඖෂධ ඉහළ ප‍්‍රමිතියෙන් යුක්ත බවයි. එසේම, අවිශ්වාසයකින් තොරව ප‍්‍රතිකාර ලබා ගැනීමට රජයේ රෝහල වෙත පැමිණෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.