/
/
title icon
කෙහෙලියගේ විශ්වාසභංගය කතානායකට
කෙහෙලියගේ විශ්වාසභංගය කතානායකට
Editor
1 year ago
Share:
කෙහෙලියගේ විශ්වාසභංගය කතානායකට

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව මන්ත‍්‍රීවරුන් 45 දෙනෙකු අත්සන් කළ විශ්වාසභංග යෝජනාව අද කතානායක මහින්ද යාපා අබේවර්ධනට භාරදී තිබෙනවා. ඒ සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින්.

ප‍්‍රමිතියෙන් තොර ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්ෂේත‍්‍රය දුර්වල කිරීම හා එමගින් මරණ කිහිපයක් සිදුවීම මුල් කර ගනිමින් සමගි ජන බලවේගය මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීම ඊයේ ආරම්භ කළා.

ඊට සමගි ජන සන්ධානයේ මන්ත‍්‍රීවරු මෙන්ම නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි, ජාතික ජනබලවේගයේ මන්ත‍්‍රීවරුන් වන විජිත හේරත් සහ හරිනි අමරසූරිය ඇතුළු විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අත්සන් කර තිබුණා.

මේ අතර, නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ රෝගීන් විශාල පිරිසකගේ සැත්කම් ප‍්‍රමාද වී ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර වික‍්‍රමසිංහගෙන් විමසීමක් සිදු කළා. ඔහු කියා සිටියේ නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් කිසිදු සැත්කම් ප‍්‍රමාදයක් සිදු නොවූ බවයි. වෙනත් සමාගමකින් ගෙන්වන ලද නිර්වින්දන ඖෂධ තොගයක් අද දිනයේ සැත්කම් සඳහා භාවිතා කළ බවද ඔහු සඳහන් කළා.

මේ අතර, ජනමාධ්‍ය වෙත ප‍්‍රකාශ නිකුත් කිරීමට රාජ්‍ය නිලධාරීන්ට නීතිමය හැකියාවක් නොමැති බවට දන්වමින් සෞඛ්‍ය අමාත්‍ය ලේකම්වරයා විසින් චක‍්‍රලේඛනයක් නිකුත් කර  තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required