/
/
title icon
අන්තරේ භික්ෂු බලමණ්ඩලයට කොළඹදී ජල ප‍්‍රහාරයක්
අන්තරේ භික්ෂු බලමණ්ඩලයට කොළඹදී ජල ප‍්‍රහාරයක්
Editor
1 year ago
Share:
අන්තරේ භික්ෂු බලමණ්ඩලයට කොළඹදී ජල ප‍්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය අද කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය, ජල ප‍්‍රහාරයක් එල්ල කළා. ඒ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදීයි.

විශේෂ ප‍්‍රවේශය යටතේ ශාස්ත‍්‍රීය විෂයන් සඳහා සිසුන් බදවා ගැනීම් කප්පාදු කිරීම වැළැක්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා. මෙහිදී ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව තුලට ඇතුළු වීමට උත්සහ කිරීමේදී පොලීසිය සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.

අනතුරුවයි පොලීසිය තත්ත්වය පාලනය කිරීමට ජල ප‍්‍රහාරයක් එල්ල කළේ. පසුව නියෝජිතයින් 5 දෙනෙකුට ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග සාකච්ඡාවකට යාමට අවස්ථාව හිමිවුණා.

මේ අතර, මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරීම, ඔන්ලයින් ඉගැන්වීම් නතර කිරීම සහ නේවාසිකාගාර ගැටලූවලට විසදුම් දෙන ලෙස ඉල්ලා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required