
වැග්නර් ආක‍්‍රමණයෙන් පසු පළමුවරට රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් සහ බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ හමුවී සාකච්ඡාවක් සිදුකර තිබෙනවා.
සෙන් පීටර්ස්බර්ග්හි පිහිටි ජනපති පුටින්ගේ මන්දිරයේදී මෙම හමුව පවත්වා ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කළේ.
රුසියාවේ හවුල්කාර කුලී හමුදා බල ඇණියක් වූ වැග්නර් කණ්ඩායම විසින් රුසියාව ආක‍්‍රමණය කිරීමට ගත් උත්සාහයේදී දෙපාර්ශ්වය අතර ගැටුම් සමථයකට පත් කිරීමට මැදිහත් වූයේ බෙලරූස් ජනාධිපතිවරයායි.