/
/
title icon
ඇස්ප‍්‍රීන් කාණ්ඩයේ ඖෂධ භාවිතයෙන් ඉව
ඇස්ප‍්‍රීන් කාණ්ඩයේ ඖෂධ භාවිතයෙන් ඉව
Editor
1 year ago
Share:
ඇස්ප‍්‍රීන් කාණ්ඩයේ ඖෂධ භාවිතයෙන් ඉව

රජයේ රෝහල් වල භාවිතය සදහා මෙරට නිෂ්පාදනය කර බෙදා හරිනු ලබන ඇස්ප‍්‍රීන් කාණ්ඩයේ ඖෂධ භාවිතයෙන් ඉවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් නව චක‍්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ ඇස්ප‍්‍රීන් පෙති වල ඇස්ප‍්‍රීන් නැමති එහි ප‍්‍රධාන සංඝටකය තුළ ඇසිටයිල් සැලිසිලික් අම්ලය නොමැති බවට තහවුරු වීම හේතුවෙන්.

අදාළ චක‍්‍රලේඛය නිකුත් කර ඇත්තේ එහි අධ්‍යක්ෂ කපිල වික‍්‍රමණායකගේ අත්සනින් යුතුවයි.

හෘදයාබාධ වලට ලක්වීමේ අවධානම සහිත පුද්ගලයින්ට සහ හෘදයාබාදයන්ට ලක්වූ රෝගීන්ගේ හෘදයේ රුධිර වාහිනීවල රුධිර කැටිගැසීම වැළැක්වීම සදහා ඇස්ප‍්‍රීන් අත්‍යවශ්‍ය ඖෂධයක් ලෙස වෛද්‍යවරුන් විසින් රෝගීන්ට ලබා දෙනවා.

මේ අතර වකුගඩු අක‍්‍රීයතාවයට ගොදුරුවී සිටින රෝගීන්ගේ කාන්දු පෙරණ ප‍්‍රතිකාර සදහා භාවිතා කරන විශේෂ කැනයුලා වර්ගයක් වන එවි ෆිස්ටුලා නැමති කැනයුලා වර්ගයද භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා තවත් චක‍්‍රලේඛයකින් දැනුම් දී තිබුණා.

එමෙන්ම ප‍්‍රපොෆෝල් නැමති එන්නත නැවත භාවිතයෙන් ඉවත් කිරීම සදහාත් මීට පෙර පියවර ගැනුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required